බදුල්ල පොලීසියේ සේවය කරන පොලිස් නිලධාරිනියක විසින් පදික මාරුවක් අසල වැටී තිබූ රුපියල් 11,370 ක් සහිත මුදල් පසුම්බියක් අහුලා එහි හිමිකරු සොයා බාරදුන් බව බදුල්ල පොලීසිය පවසයි
එම ආදර්ශමත් ක්‍රියාව සිදුකර ඇත්තේ බදුල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල් සුනේත්‍රා අල්පොන්සෝ විසිනි.
පසුම්බිය තුළ තිබූ බැංකු ලදු පතකින් එහි හිමිකරු සොයාගත් බවත්, මුදල් පසුම්බිය හිමිකරුවන බදුල්ල සරස්වතී දෙමළ මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ආරුණසලම් කනගරත්නම් මහාතාට පෙරේදා (08දා) එම නිලධාරිනිය විසින්ම බාරදුන් බව බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි තලගල මහතා පැවසීය.