රටේ පොලිස් නිලධාරීන්ගේ ප්රමාණය ගත්විට එක් පොලිස් නිලධාරියෙකුට මහජනතාවගේ ප්රශ්න 400ක් විසඳීමට සිදුව ඇතිබව කෑගල්ල පොලිස් අධිකාරී චාමික පී. වික්රමසිංහ මහතා පැවසුවේය.
කෑගල්ල පොලිස් ස්ථානයේ පොලිස් අධිකාරීවරයා ලෙස ඊයේ (19දා) වැඩ භාර ගැනීමෙන් අනතුරුව අද (20දා) ප්රථම පොලිස් ජංගම සේවයට එක් වෙමින් ඒ මහතා එසේ පවසා සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වූ පොලිස් අධිකාරීවරයා,
"දැනට ශ්රී ලංකාවේ පොලිස් නිලධාරින් 85000කට ආසන්න පිරිසක් ඉන්නවා. නමුත් අපේ ජනගහනය ගත්තොත් කෝටි දෙකකටත් වඩා වැඩි ප්රමාණයක් සිටිනවා. දැනට 85000ක් සිටින පොලිස් නිලධාරින්ගෙන් පැමිණිලි විභාග, හදිසි මරණ පරීක්ෂණවලට, රථවාහන සිද්ධීන් පිළිබඳ විභාග කිරීමට ඉන්නේ 50000කට ආසන්න නිලධාරීන් ප්රමාණයක්. ඉතිරි නිලධාරින් 35000ම සිටින්නේ විශේෂ ප්රභූ ආරක්ෂාව සහ අනෙකුත් විවිධ රාජකාරි සඳහායි. ඔවුන් වැට ආරවුල්, කුඹුරේ ප්රශ්න, පාරේ ප්රශ්න විසඳන්න එන්නේ නැහැ. සිටින නිලධාරින් 50000 මෙම සියලු රාජකාරි කටයුතු සිදු කරන්න ඕනෑ.ඉතින් එක් නිලධාරියෙකුට අපේ රටේ මිනිසුන් 400කගේ ප්රශ්න විසඳන්න තියෙනවා. සමහර ප්රදේශවල ගම්වල ප්රශ්න විසඳන්න පොලිස් ස්ථානයේ සිට සැහෙන දුරබැහැර යන්න ඕනෑ" යැයි පැවසීය.