පොලිස් නිලධාරීන්ට බලපා තිබූ ගැටලු රාශියකට මේ වන විට විසඳුම් ලබා දී තිබෙන නිසා ඔවුන් පොලිස් සේවයේ අභිමානය ගරුත්වය රැක ගනිමින් කටයුතු කරන ඇති බවට තමා විශ්වාස කරන බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සඳහන් කළේය.
රටේ පවතින පැරණිතම ආයතනයක් වන පොලීසිය වඩා නිවැරදිව හා විනිවිද භාවයකින් කටයුතු කරමින් රටට සේවය කළ යුතු බවද පවසා සිටියේය.
පොලිස් සංස්කෘතික අංශයේ පුහුණුවීම් සඳහා දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (14) සහභාගි වෙමින් මේ බව සඳහන් කළ පොලිස්පතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ රටක පවතින කලාව මිනිසුන් පිනවීමට පමණක් තිබෙන දෙයක් නොවන බවත් ඒ තුළින් රටේ සහා සමාජයේ විනය විදහා දැක්වෙන බවයි..
දෙමහල් ගොඩනැගිල්ල දින 150ක කාලයක් තුළ ඉදිකර පොලිස් සංස්කෘතික අංශයට භාරදීමට නියමිත අතර මේ සඳහා රුපියල් මිලියන 19.4ක් වැය වන බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.