පොලිස් දෙපාර්තමේන්තුවේ ගැටලු සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කරන බවත්, පොලිස් නිලධාරීන්ගේ ගැටලු සඳහා මාසයක් වැනි කෙටිකාලයක් තුළ පියවරෙන් පියවර විසඳුම් ලබාදිය යුතු බව තමා සලකන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
කොළඹ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත පොලිස් නිලධාරීන්ගේ නිල නිවසේදී පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා ඉහත අදහස් දැක්වීය.
මෙම නිල නිවසට වසර 20කට පසුව රාජ්‍ය නායකයෙකු පැමිණි පළමු අවස්ථාවද මෙය වෙයි.
පොලිස් නිලධාරීන්ගේ උසස්වීම්, නේවාසික හා වැටුප් ප්‍රශ්න පිළිබඳව ජනපතිවරයාගේ අවධානය යොමුම තිබේ.