මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අතර පසුගිය 09 වැනිදා සිදුවූ වෙඩි හුවමාරුව හේතුවෙන් එම ස්ථානයේ රැඳී සිටීමෙන් බරපතළ තුවාල ලැබූ සිවිල් වැසියන්ගේ සුවදුක් විමසීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (17දා) කළුබෝවිල රෝහලට ගිය බව පොලීස් මූලස්ථානය පවසයි.
මෙහිදී එහි ප්‍රතිකාර ලබමින් සිටින කුඩා ළමුන් දෙදෙනාට ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලු පහසුකම් පොලීසිය මගින් සැපයීමට කටයුතු කරන බව එහිදී ප්‍රකාශ කර සිටි බව මූලස්ථානය සදහන් කරයි.