පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත දිවයින පුරා වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 2051ක් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (12දා) රාත්‍රී 11.00 සිට අද අලුයම 3.00 දක්වා පැය 4ක් තුළ ක්‍රියාත්මක කරන ලද මෙහෙයුමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
වරෙන්තුකරුවන් 1359ක්, අපරාධ සඳහා අවශ්‍යව සිටි සැකකරුවන් 151 හා සැකපිට පුද්ගලයන් 571 ක් මෙසේ අත්අඩගුවට ගෙන ඇත.