පෞද්ගලික මාධ්‍ය වෙත පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් යොමුකරන විද්‍යුත් තැපැල් පුවත් පණිවුඩ යොමු නොකරන ලෙස පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නියෝග කර ඇති බවට මාධ්‍ය වාර්තා කළත් එවැනි වාරණයක් පොලිස්පති පනවා නොමැති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. අද (26දා) පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මෙම නිවේදනය නිකුත් කරනු ලැබීය. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මීට ඉහතදී අවසන් වරට පොලිස් ප්‍රවෘත්තියක් විද්‍යුත් තැපෑල හරහා යොමුකළේ පසුගිය 20 දා බවට තොරතුරු වාර්තා වෙයි.