පොලිතින් පුළුස්සන්න එපා - පිළිකා ඇතිවෙනවා
පොලිතින් හා ප්ලාස්ටික් පිළිස්සීම හේතුවෙන් දරුණු රෝග රැසක් බාල වැඩිහිටි සැමට ඇතිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පැවසුවාය.
මෙලෙස පොලිතින් හා ප්ලාස්ටික් පිළිස්සීම හේතුවෙන් පිළිකා, මළ දරු උපත්, දියවැඩියාව, ආඝාතය හා හෘදයාබාධ වැනි ආබාධ රැසක් ඇතිවන බව ඇය පෙන්වාදුන්නාය.
පොලිතීන් හා ප්ලාස්ටික් අඩු උෂ්ණත්ව යටතේ පිළිස්සීමෙන් අඩු බර දරු උපත්, පෙනහලු පිළිකා, ඇදුම,ශ්වසන ආබාධ රැසක් ඇතිවන බවත් වෛද්‍යවරිය පැවසුවේ පරිසර සහ මහවැලි අමාත්‍යාංශය බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී සංවිධානය කර තිබූ වැඩමුළුවකට සහභාගී වෙමිනි.
ප්ලාස්ටික් හා පොලිතින් පිළිස්සීම හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් සමග ඉතා විෂ සහිත පොලි ඇරොමැටික, හයිඩ්රොකාබන්ඩයොක්සින් ෆියුරාන් ආදිය නිකුත් වන බවද ඒවා සියල්ල පිළිකා කාරක බවද පැවසූ වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවේමෙම වායුන් හේතුවෙන් නොඉපදුණු දරුවන්ට, කුඩා දරුවන්ට, ගර්භිණී මවුවරුන්ට හා වැඩිහිටි අයට මෙමරෝග වැලඳීමේ දැඩි අවදානමක් ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

