බෝර්ඩිලන් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා අවතැන් වන ලක්ෂපාන පෙල්පිටිය ගම්මානයේ පවුල් තිස්පහකට වන්දි මුදල් නොගවීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඊයේ (16දා) පස්වරුවේ එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකවක නිරත විය.
ලංකා විදුලි බලමණ්ඩලය මගින් කැලණි ගඟ හරස් කර ඉදිකරමින් පවතින මෙම ව්‍යපෘතිය ආරම්භ වී දැනට වසර දෙකහාමාරක කාලයක් ගතවී ඇතත් ඉන් අවැතැන් වූ පවුල් තිස්පහකට මෙතෙක් තක්සේරු කළ මුදල් ලබාදී නොමැති බව එම ප්‍රදේශවාසීහු එහිදී මන්ත්‍රීවරයාට පවැසූහ.
මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී එම ව්‍යාපෘති භාර අධ්‍යක්ෂකවරයා සහ ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම්වරයා සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවත් මෙතෙක් සාධාරණ විසඳුමක් නොලැබීම නිසා තමන්ට නිසි වන්දි මුදලක් ලබාගැනීමට මැදිහත් වන ලෙස ප්‍රදේශවාසීන් විසින් මන්ත්‍රීවරයාගෙන් කළ ඉල්ලීමක් මත සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රදේශයේ සංචාරකයන නිරත විය.
ව්‍යාපෘතිය මගින් පොල්පිටියේ සිට කිතුල්ගල දක්වා කැණීම් කටයුතු කරන උමං මාර්ගය හේතුවෙන් පොල්පිටිය ගම්මානයේ නිවාස රැසක් ගිලාබැසීමට ලක්ව ඇති අතර තවත් නිවාස කිහිපයක් ගිලාබැසීමේ අවදානමටද ලක්ව තිබේ.