එඬේරමුල්ල සහ හුණුපිටිය අතර ප්රදේශයකදී පොල්ගහවෙල සිට මොරටුව දක්වා ධාවනය වූ දුම්රියක් මීට සුලු වේලාවකට පෙර අනතුරකට ලක්වී තිබෙන බවට වාර්තා වේ. එකිනෙකට සම්බන්ධ කර තිබූ දුම්රිය දෙක එකිනෙකින් වෙන්ව යාමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර එම දුම්රිය දෙක නැවත සම්බන්ධ කිරීම සඳහා දුම්රිය කාර්ය මණ්ඩලය මේ වන විට පිවවර ගන්නා බවත් අදාළ කටයුතු අවසන් වන තෙක් ප්රධාන මාර්ගයේ සෙසු දුම්රිය ධාවනයටද සුළු වශයෙන් බාධා සිදුවන බවත් වැඩිදුරටත් වාර්තා වේ.