මනාප ඡන්ද ක්‍රමය අහෝසිකර පොරොන්දු ඉටුකරන ලෙස ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික හෙළ උරුමය සැලසුම්කර තිබේ.
මෙම ජාතික හමුව කොළඹ නව නගර ශාලාවේදී එළැඹෙන 19දා පැවැත්වෙන අතර එහිදී පාර්ලිමේන්තු අතුරුලියේ රතන හිමි, අමාත්‍ය පාඨලී චම්පික රණවක, බස්නාහාර පළාත් මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන අය අදහස් ප්‍රකාශ කිරීමට නියමිතය.