පොදු විපක්ෂයේ ගිවිසුමට අත්සන් තබයි
ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතු වෙනුවෙන් පොදු විපක්ෂයේ පක්ෂ සහ සිවිල් සංවිධාන අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (01දා) විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංගපීඨයේදී සිදුවිය.
අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට පෙර කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි බුද්ධ ප්‍රතිමාව අබියසදී ආගමික කටයුතු සිදුකෙරිණි.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ, ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඇතුළු පොදු විපක්ෂයේ පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ පිරිස, හිටපු ජනපති චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප ශමීර රාජපක්ෂ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

