පොදු අපේක්ෂකයා නම් කිරීම හෙට
පොදු අපේක්ෂක නම් කළ පසු ගිවිසුමට අත්සන්, වැඩි කැමැත්ත සෝභිත හිමිට සහ කරු ජයසූරියට
විපක්ෂයේ පොදු අපේක්ෂකයා නම් කළ පසු කලින් යොදාගත් පරිදි සහාය පළකරන පක්ෂ අතර නිල වශයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බවත්, පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න බොහෝ විට හෙට දින (18දා) ප්‍රකාශයට පත්කළ හැකි බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කෝට්ටේ ශ්‍රී නාග විහාරයට ඊයේ (16දා) රැස්වූ එම ව්‍යාපාරයේ සංවිධාන 32 ක නියෝජිතයන් මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇති අතර, එහිදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතාගේ නම් පිළිබඳව වැඩි අවධානයක් යොමුවූ බව දැනගන්නට ලැබේ.
එහිදී ගත් තීරණය පිළබඳව අද (17දා) දින
එක්සත් ජාතික පක්ෂය ඇතුළු පොදු අපේක්ෂකයාට සහාය දක්වන දේශපාලන පක්ෂ දැනුවත් කිරීමෙන් පසු ඔවුන්ගේ ප්‍රතිචාර සලකා බලා පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න රටට දැනුම්දීමට තීරණයක් ගෙන ඇති බවද ප්‍රකාශ වෙයි.
මේ අතර අද දින පොදු එකඟතාවකට අත්සන් කිරීමට කලින් සැලසුම් කර තිබුණද, හදිසියේ අසනීප වී ප්‍රතිකාර සඳහා රෝහල්ගතව සිටින පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් යළි රෝහලින් පැමිණි පසු යොදාගත් පරිදි එම කටයුතු සිදුකිරීමට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සැලසුම් කර තිබේ.
පොදු අපේක්ෂකයා බිහිකර ගැනීමට තීරණාත්මක කාර්භාරයක් ඉටුකරන මාදුළුවාවේ සෝභිත හිමියන් නොමැතිව අවබෝධතා ගිවිසුමට අත්සන් කළ නොහැකි බව එහි නිලධාරීන්ගේ සහ සහාය පළකරන දේශපාලන පක්ෂවල අදහස වී තිබේ.
ඉකුත් සමයේ මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් වෙහෙසීම හේතුවෙන් සෝභිත හිමියන්ගේ ශරීර සෞඛය තත්ත්වය දුර්වලවී තිබුණු අතර, මේ වනවිට උන්වහන්සේ මාලඹේ ප්‍ර‘දේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබති.
පැය කීපයක් පුරා ඊයේ (16දා) පැවැති සාකච්ඡාව සඳහා එක්සත් භික්ෂු පෙරමුණේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් සහ පිවිතුරු හෙටක් ජාතික සභාවේ සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ද සහභාගී වී ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

