විපක්ෂයේ පොදු අපේක්ෂකයා ආණ්ඩුවට සම්බන්ධ අයෙක් නොවන බව නාමයෝජනා ලබාදෙද්දී දැකගත හැකිවනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (16දා) පැවසීය.
බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පොදු අපේක්ෂකයා ආණ්ඩුවට සම්බන්ධ අයෙකු බවට බොරු කටකතා පතුරවා තිබෙන බවයි.
“එක්සත් ජාතික පක්ෂයට තියෙනවා අවුරුදු 20 ක නොසංසිඳුන ආශාවක්. ඒක ඉෂ්ට කරගන්න රනිල්, කරු ආසයි බයයි වගේ පොදු අපේක්ෂක වෙන්න හදනවා. නමුත් රනිල් දන්නෙත් නෑ එයාද පොදු අපේක්ෂකයා කියලා. කරු දන්නෙත් නෑ සෝභිත හාමුදුරුවෝ දන්නෙත් නෑ එයාද පොදු අපේක්ෂකයා කියලා. නාමයෝජනා දෙද්දී කවුද කියලා රටටම බලාගන්න පුළුවන්” යැයි වීරවංශ මහතා පවසා සිටියේය.