පොදු අපේක්ෂකට හෙළ උරුමයේ තීරණය තවම නෑ
පොදු අපේක්ෂකයෙකුට සහාය පළකිරීමට හෝ පොදු විපක්ෂයට එක්වීම සම්බන්ධව කිසිම අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා නොකළ බව ජාතික හෙළ උරුමය සඳහන් කළේය.
එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ එසේ පොදු අපේක්ෂකයෙකුට සහාය පළකිරීමට ජාතික හෙළ උරුමය තීරණයක් ගෙන නැති බවයි. අද (13දා) පෙරවරුවේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ මේ දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පැවැත්වූ සාකච්ඡාවල යහපත් ප්‍රගතියක් දැකිය හැකි බවයි.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම පක්ෂය සාකච්ඡා කළේ ජනාධිපතිවරයා සමග පමණක් බවද රණවක මහතා පවසා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කර තිබුණේ පිවිතුරු හෙටක් ජාතික සභාව බවත්, එය පක්ෂයේ බාහිර සංවිධානයක් බවත් ඇමතිවරයා කියා සිටියේය.
ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නැති බවත්, එළැඹෙන 19 වැනිදා ජනාධිපතිවරණය ප්‍රකාශ කළ පසු පක්ෂය ගන්නා තීරණය රටට දැනුම්දෙන බවත් පාඨලී රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඡායාරූප ඒශාන් ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

