ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ජයග්රහණය සඳහා ප්රධාන රැලි 44ක් ඇතුළුව ප්රචාරක රැලි හා ජනහමු 14,386ක්පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන සංසදය සඳහන් කරයි.
මෙහිදී මැතිවරණ දිස්ත්රික්කයකට ප්රධාන රැලි දෙක බැගින් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන සංසදය සඳහන් කරයි.
මෙහිදී මැතිවරණ දිස්ත්රික්කයකට ප්රධාන රැලි දෙක බැගින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමිත බවත් එම සංසදයේ සභාපති උදේනි අතුකෝරළමහතා සඳහන් කළේය.
මීට අමතරව කොට්ඨාසයකට ප්රචාරක රැලි දෙක බැගින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ඇතුළු ප්රධාන නියෝජිතයන් සහභාගි වන බවත් ඔහු පවසා සිටියේය.
කොට්ඨාස මට්ටමින් පැවැත්වෙන ප්රචාරක රැලිවලට අමතරව ග්රාම නිලධාරී වසම්14,022 තුළම දැනුවත් කිරීමේ ජනහමු පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, එම දැනුවත් කිරීම් දැනට ආරම්භ කර තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.
අපේක්ෂකයන්ගේ ජයග්රහණය වෙනුවෙන් පැවැත්වෙන දිස්ත්රික් රැලි ජනවාරි මුල් සතියේ සිට ආරම්භ කරන බවද හෙතෙම සඳහන් කළේය.