උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නගේ නිවස ඉදිකිරීම සඳහා සෝමාවතිය, ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය කපන ලද කුඹුක් ලී රැගෙන ගොස් ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද(16දා) පැවසූහ.
කිරුළපන පිහිටි බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ ,“ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ඇතුළෙ සෝමාවතිය චෛත්‍යයට අයිති පරිවාර චෛත්‍ය 21ක් තිබෙනවා.අනුරාධපුර යුගයටත් එහා ගිය ටැම්විහාර විශාල ප්‍රමාණයක් තිබෙනවා.පුරාවස්තු විශාල ප්‍රමාණයක් තිබෙනවා.ගල්කණු කඩලා අරන් හරක් මඩු හදලා.හැමතැනම සත්තුන්ගේ ඇටකටු ගොඩවල්.සඳකඩපහණ,චෛත්‍යවල ගල්,කොරවක්ගල් සීසීකඩ විනාශ කරලා දාලා.
පුරාවිද්‍ය මායිම් ගල් ගළවලා දාලා.රක්ෂිතයේ මායිම් ගල් සියල්ල ගළවා දමලා.අක්කර දහස් ගණනක් එළිකරලා නිසා අලිඇත්තු ගම්වදිනවා.මේ ජාතික වනෝද්‍යානයේ තමයි ලංකාවේම තියෙන දුර්ලභ කුඹුක් විශේෂ 10කට වඩා තිබෙන්නේ.උතුරු මැද මහඇමති පේෂලගේ ගෙදර හදන්නත් කුඹුක් කඳන් අරන් ගියේ මේ රක්ෂිතයෙන් කපාගෙන.
පරිසර ඇමති සිරිසේන මහත්තයාගේ ගෝලයා තමයි මේ මහඇමතිවරයා.ඒ නිසා හොඳට දීලා තිබෙනවා.එක් අවස්ථාවකදී දොළහ ඇළේ ජනපදයේ මිනිස්සු මහඇමතිගේ වාහන ටික වටලලා තිබුණා.මෙම වනාන්තරය අසල තිබෙන මුස්ලිම් ගමක දෙන්නෙක් තමයි මේ මුළු රක්ෂිතයේම අයිතිකාරයෝ විදියට ජාවාරම් කරගෙන යන්නෙ.මේ දෙන්නට ඇමතිවරු කියනවා ගස් දෙක්ක කපපන්,සත්තු මරපන් කියලා.
මුන් දෙන්නා තමයි ඒ පළාතේ පොලීසිය දේශපාලකයෝ, වනජීවී හැඬල් කරන්නෙ.මේක මාර ප්‍රශ්නයක්.ඒ පළාතේ මිනිස්සු කියනවා නීත්‍යානුකූල පොහොර සහනාධාරය ඒ අයට ලැබෙන්නෙ නැති වුණාට කැළේ බලපත්රනැතිව මහගස්බ බිමදාලා වැඩකරන අයට පොහොර සහනාධාරය දෙනවා කියලා.ඒ අයට පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන්නෙ නෑ.නමුත් සිංහල ගොවියෙක් වක්කඩයක් බැන්දත් පොලීසිය ඇවිත් අල්ලන් යනබව එම ප්‍රදේශයේ ජනතාව කියනවා”යනුවෙන් පවසා සිටියහ.