පුත්තලම පෙරියකුලම වැව කැඩී යාමෙන් තිල් අඩිය ඇතුළු ගම්මාන 10 ක පවුල් 600 ක් පමණ ප්රමාණයක නිවාස ජලයෙන් යටවී අවතැන් වී ඇති බව පුත්තලම ප්රා.ලේකම් එම්.ආර්. මලික් මහතා පවසයි.
නිවාස අඩි 03 ක පමණ ප්රමාණයකට ජලයෙන් යටවී ඇති අතර, ඒවායෙහි සිටි පිරිස් ආරක්ෂිත ස්ථානවලට රැගෙන යමින් පවතී. කොළඹ පුත්තලම මාර්ගයේ පිල්අඩිය ප්රදේශය ජලයෙන් යටවීමෙන් වාහන ගමනාගමනයට බාධා මතුවී ඇත.