මිනුවන්ගොඩ රාජමහා විහාරස්ථානයේ වාර්ෂිකව සිදුකෙරෙන වෙසක් උලෙළට සමගාමීව පවත්වන වෙසක් පෙරහර අද (10දා) පස්වරු 07.00 වීථි සංචාරය කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව මෙම පෙරහර අද පස්වරු 07.00 මිනුවන්ගොඩ නගරයෙන් ආරම්භ වී මිනුවන්ගොඩ - වේයන්ගොඩ මාර්ගය, මිනුවන්ගොඩ - කුරුණෑගල මාර්ගය, මිනුවන්ගොඩ - කටුනායක මාර්ගය, මිනුවන්ගොඩ - ජාඇළ යන මාර්ගයන්හි ගමන් ගැනීමට නියමිතය.
මේ හේතුවෙන් මෙම පෙරහර ගමන් ගන්නා කාලය තුළ ඉහත මාර්ගයන්හි මාර්ග තදබදයක් ඇති විය හැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.