රුසියන් ජාතික තම ආදරවන්තිය සඳහා මුදල් ඉපයීමට හොරකම් කිරිම් හා හෙරොයින් කුඩු අලෙවිකරන අපුරු ආදරවන්තයෙක් පසුගිය (07දා) ගාල්ල දුෂණ මර්දන ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩී.ජී ආනන්ද මහතා ප්රමුඛ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු ගාල්ල උනවටුන රෝහලේ වෛද්‍යවරයකට අයත් හබරාදූව ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී ලක්ෂ 4කට අධික රන් ආභරණ තොගයක් සොරාගෙන ඇති අතර මේ සිදුවීම නිවසේ සවිකර තිබු ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබිණි.
ඒ අනුව පරීක්ෂණ දියත්කළගාල්ල පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තම පෙම්වතිය වන රුසියානු ජාතික තරුණියකට අවශ්‍ය වියදම් සපයා ගැනීම සඳහා මෙම සොරකම් සිදුකර ඇති බවයි.
සැකකරු ගාල්ල අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
හබරාදුව නිමල් අල්ගෙවත්ත