වෙසක් පොහොය දින මධ්‍යම රාත්‍රියේ පෙම්වතියගේ ආරාධනාවකට ඇයගේ නිවසට හොර රහසේ ඇතුළු වූ ඉංජිනේරු සිසුවාවෙකුගේ යතුරු පැදිය සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පිලියන්දල පොලීසිය පවසයි.
පැමිණිලිකාර සිසුවා මධ්‍යම රාත්‍රී 12.10ට පමණ යතුරු පැදියෙන් පෙම්වතියගේ නිවස ඉදිරිපිටට පැමිණ යතුරු පැදිය ගේට්ටුවෙන් පිටත නවතා නිවසට ගොස් අලුයම තෙක් නිවසේ ගතකර නැවත පැමිණීමේදී යතුරුපැදිය සොරාගෙන ඇති බව දැනගෙන ඇතැයි පොලීසිය පවසයි.
යතුරු පැදිය නොමැතිවීමෙන් මහත් අසරණ තත්ත්වයට පත්වූ සිසුවා පාගමනින්ම නිවස වෙත පැමිණ ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසීය. යතුරු පැදියේ වටිනාකම රුපියල් එක්ලක්ෂ හැටදහසක් බව පැමිණිල්ලේ සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
බිමල් ශ්‍යාමන්