පන්නල, ජයගම ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක සමග ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ පෙම්වතෙකු අද (03දා) සවස 2.30ට පමණ අදාළ සිසුවියගේ නිවසට පැමිණ තියුණු ආයුධයකින් පාසල් සිසුවියගේ ගෙල සිඳ ඔහුද ගෙල කපාගෙන සියදිවි හානිකර ගෙන ඇතැයි පන්නල පොලීසිය පවසයි.
අදාළ පාසල් සිසුවිය 11 වැනි වසරේ ඉගෙනුම ලබන අතර, පෙම්වතා හලාවත, කන්ජුක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බරපතළ තුවාල ලැබූ සිසුවිය කඳානේගෙදර ප්‍රාදේශීය රෝහලට රැගෙන යන අවස්ථාවේ මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී නිමල් බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ පන්නල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. කුමාරාදාස මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ටී.පී. අධිකාරි /පන්නල හේමා