පෙපර්මින්ට් යැයි සිතා පැරසිටමෝල ආහාරයට ගත් සිඟිත්තෙක් ජීවිතක්ෂයට
- 6 06 2018
- 13:35
- {{hitsCtrl.values.hits}} views
- හැටන් රංජිත් රාජපක්ෂ
පෙපර්මින්ට් යැයි සිතා අධික ලෙස පැරසිටමෝල් පෙති විශේෂයක් ආහාරයට ගත් කුඩා පිරිමි දරුවෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව අද (06දා) අලුයම මියගොස් ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මස්කෙළිය පොලිස් වසමට අයත් නොටින්හැම් වතුයායේ පදිංචිව සිටි ශ්රි මනෝක්රිෂ්ණන් මර්දි නමැති අවුරුදු 4 ½ වයසැති පිරිමි දරුවෙකි.
තම නිවසේ තිබූ පැරසිටමෝල් පෙති රැගෙන මෙම දරුවා ආහාරයට ගනිමින් සිටියදී ඒ බැව් දුටු මියගිය දරුවාගේ මව සහ පියා දරුවා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතරුව වැඩිදුර ප්රතිකාර සඳහා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය නාවලපිටිය මුලික රෝහලේදී සිදු කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

