ඉන්ධන මත තිබූ බදු ඉවත් කරන බවට පොරොන්දු වූ ආණ්ඩුව පෙට්‍රල් ලීටරයකට මේ වන විට රුපියල් 60 ශත 19 කුත්, ඩීසල් ලීටරයකට රුපියල් 31 ශත 60 කුත් බදු පටවා තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
වර්තමාන ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බවත්, තෙල් සංස්ථාව පාඩු බව පෙන්වා ඉන්දන මිල ඉහළ දැමූ බවත් එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (15 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ නිසා වහාම ඉහළ දැමූ ඉන්ධන මිල පහළ දැමිය යුතු බවද හෙතෙම එහිදී කියා සිටියේය.