සීමාසහිත සමස්ත ලංකා පුවත්පත් අලෙවි නියෝජිතයන්ගේ (ගැරන්ටි)සමාගමේ 11 වැනි වර්ෂ පූර්ණ සම්මේලනය කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී අද 05දා) පැවැත්විණි.
දිවයින පුරා සිටින පුවත්පත් අලෙවි නියෝජිතයන්,පුවත්පත් ආයතනවල අලෙවි කළමනාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
පුවත්පත් අලෙවි නියෝජිතයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම කෙරෙහි පුවත්පත් ආයතනවල අවධානය යොමුවිය යුතු බව සීමාසහිත සමස්ත ලංකා පුවත්පත් අලෙවි නියෝජිතයන්ගේ (ගැරන්ටි)සමාගමේ සභාපති සිරිමල් පීරිස් මහතා මෙහිදී සඳහන් කළේය.
මෙවර සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා සඳහන් කළේ එක් පුවත්පතකින් ශත 10 බැගින් අයකරමින් එම විශ්‍රාම වැටුප සකස් කරන්නැයි පුවත්පත් ආයතනවලින් ඉල්ලා සිටින බවයි.
උපාලි පුවත්පත් සමාගමේ බෙදාහැරීමේ කළමනාකරු ලාල් ලියනගේ මහතා මෙහිදී සඳහන් කළේ මේ වනවිට මුද්‍රණ ද්‍රව්‍යවල මිල 30෴කින් පමණ ඉහළ ගොස් තිබෙන හෙයින් ඉදිරියේදී දිනපතා පුවත්පතක් රුපියල් 50 දක්වා වැඩිකිරීමට සිදුවන බවයි.
ඡායාරූප ඉසුරු පෙරේරා