පුරාවිද්‍යා සංහාරයන් සම්බන්ධයෙන් වන පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා සියලූ දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලතල ලබා දෙන බව සංස්කෘතික සහ කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා පැවසීය. මේ සමගම පුරාවිද්‍යා සංහාරයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා ක්ෂණික ඇමතුම් දුරකථන අංකයක් හඳුන්වා දිමටද නියමිත බවත් මෙම මස ඇතුලත එය සිදුකරන බවත් හෙතෙම පැවසීය. පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන සහ භූමි ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.