පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා මාරු නොකරන ලෙස ඉල්ලාමින් ගාල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා අධ්යක්ෂ කාර්යාලයේ නිළධාරීන් පිරිසක් ඊයේ (25දා) දහවල් ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිට දී විරෝධතාවයක නිරත විය.
ජාතික උරුමයට අත නොතබනු, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ඉවත් කිරීම නතර කරනු, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් තනතුර දේශපාලනීකරණය නොකරනු, පුරාවිද්‍යා මුල් පුටුවට පුරාවිද්‍යාඥයකු නුසුදුසුද? ආදීවශයෙන් වූ සටන් පාඨ විරෝධතාකරුවන් විසින් ප්‍රදර්ශනය කරනු ලැබීය.
අද (25දා) දහවල් 12.00 සිට 1.45 පමණ වන තුරු මෙම විරෝධතාවය ගාල්ල ප්‍රධාන බස් නැවැතුම්පොල ඉදිරිපිටදී පැවැත්විනි.
ජිනේෂ් නානායක්කාර/රවිදු දියගහගේ/සරත් ආනන්ද