පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානයක මහතා එම තනතුරින් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඊයේ (23දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.
පුරවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ මිලදී ගැනීම් සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා හේතුවෙන් යොමු වූ චෝදනා පත්‍රයක් පිළිබඳ සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
පසුගිය රජයේ සිට වත්මන් රජය දක්වාම අවස්ථා ගණනාවකදී විවිධ සිදුවීම් සම්බන්ධයෙන් පුරවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාට චෝදනා ඉදිරිපත්වී ඇත.
පුරවිද්‍යා ස්ථානවල ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් නොවීම, පුරාවිද්‍යා ඉඩම් අනවසර භාවිත කරන්නන් පිළිබඳ සැලකිලිමත් නොවීම සහ පුරාවිද්‍යා පනත ප්‍රකාරව බලය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙලෙස දිසානායක මහතා ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් ඊයේ (23දා) කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කර ඇති අතර, මෙම සියලු චෝදනා පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඔහු ඉවත් කිරීමට එකඟතාව පළ කර තිබේ.