පෞද්ගලික බස් රථ තුළ මැතිවරණ ප්රචාරක පුවරු සවිකිරීම හෝ පෝස්ටර් ඇලවීමට ඉඩ ලබාදෙන නොදෙන බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
කිසියම් පිරිසක් හෝ කණ්ඩායමක් බලහත්කාරයෙන් හෝ මෙවැනි කටයුතු සිදුකිරීමට උත්සාහ කරනවා නම් ඒ පිළිබඳව 0112- 825948 දුරකථන අංකයට දැනුම්දිය හැකි බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව බස්රථවල ප්රචාරක පුවරු ඇලවීම හෝ කටවුට් ප්රදර්ශනය කිරීමට උත්සාහ කළහොත් පමණක් මෙම අංකය ඔස්සේ දැනුම් දිය හැකි බවත් මේ ආකාරයට කටයුතු සිදුකරණ සියලුම දෙනාට එරෙහිව නීතිය මගින් කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.