ගංවතුර ආපදා හේතුවෙන් මේ වන විටත් පුද්ගලයින් 336,000 කට පමණ විදුලිය ලබාදීම ඇණහිට ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
එසේම වර්ෂාවට පෙර ප්‍රධාන ජලාශවල 27% වූ සමස්ත ජල ධාරිතාව මේවන විට 33% දක්වා ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. එසේම අනුව ප්‍රධාන ජලාශ කිසිවක් වාන්දමන තත්වයට පත්වී නොමැති බවත් ඔහු පැවැසීය.
විදුලිබිද වැටීම් පිළිබද දැනුම් දීමට 1987 (ලංකා විදුලිබල මණ්ඩලය), 1910 (විදුලි පුද්ගලික සමාගම) හා 1901 (විදුලිබල අමාත්‍යංශය) යන අංක ඇමතිය හැකිය.
මේ අතර විදුලි මීටර් හා නිවාස විදුලි පරිපථවල සිදුව ඇති සුළු නඩත්තු කටයුතු ආදිය නොමිලේ සිදුකර දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවාරයා පැවැසීය.
.