පුද්ගලයන් 271962කට උග්‍ර පානීය ජල හිඟයක්
දිස්ත්‍රික්ක 05ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තිහකට ඇතිවී තිබෙන දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා පවුල් අසූපන්දහසකට අයත් පුද්ගලයන් දෙලක්ෂ හැත්තෑ එක්දහස් නවසිය හැටදෙකක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා තිබේ.
වසර දෙකකට අධික කාලයක් සිට පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා වගා කටයුතු ඇණහිට තිබීම නිසා මෙම පිරිසෙන් විශාල පිරිසක් ආහාර සපයාගැනීමේ ගැටලුවකටත් මුහුණදී සිටින බව වාර්තාවේ.
වසර දෙකක් පුරා වියළි සලාක ලබාදීම මාස තුනක් පමණක් සිදු කළ බවත්, එම පහසුකම් පවා ලබාදුන්නේ පසුගිය වසරේ අවසන් කාලයේදී බවත් ජනතාව සඳහන් කරති.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දෛනික වාර්තාවට අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශය තුළ පමණක් පවුල් 10,174කට අයත් පුද්ගලයන් 25,715ක් පීඩාවට පත්ව තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කය තුළ පවුල් 62,828කට අයත් පුද්ගලයන් 202,026ක් පීඩාවට පත්ව සිටින අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 17,194කට අයත් පුද්ගලයන් 50,918ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 2309කට අයත් පුද්ගලයන් 7278ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 350කට අයත් පුද්ගලයන් 1126ක් සහ මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 3312කට අයත් පුද්ගලයන් 10,612 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

