මැදවච්චිය පොලිස් වසමට අයත් පූනෑව ප්රදේශයේ නිවසක් තුළ ඇති වූ ආරවුලකදී පුතෙකු විසින් කළ පහරදීමකින් පියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මැදවච්චිය පොලීසිය පවසයි.
ඊයේ (25දා) සවස පවුල් ආරව්ලක් හේතුවෙන් ඇතිවූ ගැටුමකින් පසුව පුත්රයා කළ පහරදීමකින් පසු පියා සිහිසුන්ව ඇද වැටී ඇත.
පසුව ප්රදේශවාසීන් එක්ව එම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ මිය ගොස් ඇත්තේ යුද හමුදාවේ විශ්රාමික නිලධාරියෙකු වන මැදවච්චිය, පූනෑව, ඇහැලගහවංගුව පදංචිව සිටි 50 හැවිරිදි සරත් විමලවීර යන අයයි.
පහරදීම සිදුකළ සැකකාර පුත්රයා 24 හැවිරිදි සිවිල් ආරක්ෂක භටයෙකි.
අනුරාධපුර බී.ජී. චතුරංග /තිසර සමල්