පුත්තලම රෝහලේ සේවය කරන හෙද නිලධාරීන් 35 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීම සඳහා හෙද නිලධාරීන් 35 දෙනෙකු අනුයුක්ත කර තිබියදීත් අදාළ ස්ථාන මාරුවීම් නිවැරදිව සිදුකර නොමැති බැවින් හෙට දහවල් 12 සිට රෝහල තුළ හෙද වැඩවර්ජනයක් දියත් කරන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
පුරප්පාඩු වන හෙද පුරප්පාඩු 35 සඳහා නිලධාරීන් අනුයුක්ත කර තිබියදීත් ස්ථාන මාරුවීම් ලබාදී තිබෙන්නේ හෙද නිලධාරීන් 10 දෙනෙකුට පමණක් බවද එම සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ මහතා සඳහන් කළේය.