පුත්තලම ධීවර කාර්යාලයේ නිලධාරීන්ට වහාම ස්ථාන මාරු
පුත්තලම් දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ නිලධාරීන්ට වහාම ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය,මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් ලබාදී තිබේ.
ලයිලා සහ සුරුක්කු දැල් යොදා ගනිමින් ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව නඩු පැවරීම් සිදු නොකර ඒ වෙනුවට අදාළ නිලධාරීන් විසින් අල්ලස් රැගෙන වැරදිකරුවන් නිදහස් කරන බවට ධීවර නියෝජිතයන් පසුගියදා අමාත්‍යවරයා වෙත පැමිණිලි කර තිබිණි.
එහිදී, අදාළ වැරදිකරුවන් අත්අඩංගුවට ගත් දින හා නිදහස් කළ දිනයන් ඇතුළු සවිස්තරාත්මක වාර්තාවක්ද ධීවර නියෝජිතයන් විසින් අමාත්‍යවරයා වෙත භාරදී ඇත.
ඒ අනුව, අදාළ නිලධාරීන් සම්බන්ධව විධිමත් විමර්ශනයක් සිදුකර තමා වෙත වාර්තා කරන ලෙස ලේකම්වරිය වෙත උපදෙස් ලබාදී ඇති අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ,චෝදනා ඔප්පු වුවහොත් එම නිලධාරීන් වැඩ තහනමට ලක් කෙරෙනු ඇති බවයි.
මේ අතර,පුත්තලම දිස්ත්‍රික්කය තුළ ඩයනමයිට් යොදාගනිමින් මසුන් මැරීම සිදුවනවා දැයි සොයා බැලීමට අද (30දා) දින සිට විමර්ශනයක් ආරම්භ කරන ලෙසද අමාත්‍ය, මහින්ද අමරවීර මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

