(UPDATE)
පුත්තලම මහේස්ත්රාත් අධිකරණයේ දෙවන මහලේ නඩු භාණ්ඩ කාබරයට ඇතුළු වි එහි තිබු කේරළ ගංජා කිලෝ 20 කට ආසන්න ප්රමාණයක් සොරා ගෙන ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
පුත්තලම මහේස්ත්රාත් හා දිසා අධිකරණයේ දෙවන මහලේ වහලේ සවිකර තිබු සෙවිලි තහඩු (ඇස්බැස්ටොස්) කිපයක් ඉවත් කර ලණුවක ආධාරයෙන් නඩු භාණ්ඩ ගබඩා කර තිබු කේරළ ගංජා කිලේ 25 කට ආසන්න ප්රමාණයෙන් කිලේ විස්සකට වැඩි ප්රමාණයක් මෙසේ සොරකම් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය සිදුකල පරික්ෂණ වලදි සනාථ වී තිබේ.
පුත්තලම දිසා අධිකරණයේ නඩු කාමරයට (බඩු සහිත) කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ඇතුළු වී ඇතැයි පුත්තලම් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ස්ථානයේ අධිකරණ කටයුතු බන්දුල ගුණරත්න මහතා විසින් මේ වනවිට සිදුකරනු ලබයි.
මෙම සිදුවීම සිදුවූ දිනය තවමත් නිශ්චිතව කිව නොහැකි බවත්, පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පුත්තලම මූලස්ථාන පොලීසිය පවසයි.
මෙම ස්ථානයේ මහේස්ත්රාත්වරයාගේ ලිපිලේඛන තැන්පත් කර තිබූ අතර, අස්ථානගතවූ බඩු පිළිබඳව කිව නොහැකි බවත්, ආරක්ෂිතව තිබූ ගංජා යම් ප්රමාණයක අඩුවක් පවතින බවත්ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.