පුත්තලම කලපු තීරයේ ආශ්රිතව ධීවර රැකියාවේ නියතු ධීවරයින් රැසකට අද (14දා)අළුයම කාලයේ සිට කිලෝ 2000ට ආසන්න විශාල ඉස්සන් අස්වැන්නක් ලැබී ඇති බව වලර් පිරෙයි ධීවර සමිතිය පවසයි.
වසර 15ට පසුව මෙතරම් ඉස්සන් ප්රමාණයක් ලැබුණු බවත් ඔවුහු පවසති. ඉස්සන් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 600ක මුදලකට බවත් ධීවරයේ පවසති.
මේ හේතුවෙන් ඇතැම් ධීවරයින්ගේ අද දිනයේ ආදායම රුපියල් 60,000 ද ඉක්මවා තිබේ.