අලවතුගොඩ, රඹුකේඇළ ප්‍රදේශයේ කුඩා නිවසක විසූ වයස අවුරුදු එකයි මාස එකොළහක දැරියක් පුටුවකින් ඊයේ (17දා) සවස වැටී මිය ගොස් ඇති බවට අලවතුගොඩ පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කදිරේෂන් දිනූෂා නමැති කුඩා ළදැරියකි.
මෙම සිඟිත්තිය නිවසේ පුටුව මත සිටියදී එයින් වැටී මිය ගිය බවට පොලීසියට පැමිණිලි කර තිබුණද, මෙම මරණය සැබෑ වශයෙන්ම සිදු වූ ආකාරය පිළිබඳව සොයාගැනීම අවශ්‍ය බැවින් ඒ සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර මාතලේ මූලික රෝහලේ තැන්පත් කර ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය අද (18දා) සවස පැවැත්වීමට නියමිතව තිබිණ.
මොහොමඩ් ආශික්