පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුට ආධාර අනුබල දුන් කාන්තාව හා පුද්ගලයන් දෙදෙනෙකු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 05දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (22දා) නියෝග කරන ලදී.
මෙම වෙඩි තැබීම හේතුවෙන් පොලිස් නිලධාරියෙකු හා කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලැබීය.
ඒ අනුව මෙම සිදුවීමට අදාලව ඊට අනුබල දුන් බවට සැකකරන මෙම පිරිස මිරිහාන පොලීසිය විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් වැඩිදුර විමර්ශන කටයුතු මිරිහාන විශේෂ පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලබයි.