පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමෙි සිදුවීමට අදාළ සැකකරුවන්ට ආධාර අනුබල දීම යටතේ සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකු හා කුඩාං දැරියක මියගිය අතර තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු හා සිවිල් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලැබීය.
මෙම වෙඩි තැබීමට අදාළ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර වෙඩි තැබීමෙන් පසුව සැකකරුට රැකවරණයදීම, සාක්ෂි වසන් කිරීම, ඝාතනයට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ සැකකාරියක් හා සැකකරුවන් දෙදෙනෙකු අහංගමදී ඊයේ (21දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. ි