පිළියන්දල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් හා පොලිස් නිලධාරියෙකු මියයෑම පිළිබඳව හා පොලිස් නිලධාරියෙකු තුවාල ලැබීම පිළිබඳව නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබේ.
දින 30ක් තුළ මෙම වාර්තාව ලබාදෙන ලෙසට උපදෙස් ලබාදී තිබේ.
අදාළ වාර්තාව සකස් කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතින් මහතා පත්කර තිබේ.