පිළිකා රෝගය පිළිබඳ ඕනෑම තොරතුරක් ලබාගැනීමට හෝ පිළිකාවෙන් වැළකීමට කළ යුතු දෑ පිළිබඳ තොරතුරු ලබාගත හැකි, ඕනෑම මොහොතක ඇමතිය හැකි උපදේශන සේවාවක් අද (27දා) සිට ආරම්භ වේ.
පිළිකාවක් වැලඳුණු අයෙකුට ඇති වන ශාරීරික, මානසික තත්ත්වයන් මෙන්ම වෛද්‍ය උපදේශන සහ ප්‍රතිකාර පිළිබඳවද සහාය වීම අරමුණු කරගත් 'පිළිකා සරණ උපකාරක ඇමතුම' නම් වන මෙම ක්ෂණික ඇමතුම් සේවාව අරඹනුයේ කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ පිළිකා සරණ සංගමය එක්ව දැරූ ප්රයත්නයක ප්‍රතිඵලයක් ලෙසිනි.
පිළිකා සරණ උපකාරක ක්ෂණික ඇමතුම් සේවාවේ අංකය 011 2 363 211 වන අතර, ඒ අනුව අද (26දා) පෙ.ව 11.45 ට මහරගම අපේක්ෂා රෝහල අසල අංක 45/B යන ස්ථානයේදී එම සේවාව කථානායක කරු ජයසූරිය, සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න, පසුගියදා පිළිකා රෝගයෙන් මියගිය ඉන්දිරා ජයසූරිය මහත්මියගේ සැමියා වන බ්‍රිතාන්‍ය ජාතික මාර්ටින් ඩිකර් යන මහත්වරුන්ගේ සහ පිළිකා සරණ සංගමයේ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙය ක්‍රියාත්මක වේ.
අදියර 03කින් යුත් ව්‍යපෘතියක පළමු අදියර ලෙස ‘පිළිකා සරණ ඇමතුම් සේවය දියත් වන අතර, කාන්තාවන්ට ඇතිවිය හැකි පියයුරු පිළිකා අවදානම පරීක්ෂා කිරීමේ ජංගම පරීක්ෂණාගාර සේවයද, පිළිකා රෝගය වැලඳුණු දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉන්දිරා ජයසූරිය ළමා සත්කාරක සේවාවද ඉදිරි දිනවලදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.