පිළිකා රෝගීන්ගේ පිහිටට ඕනෑම මොහොතක ඇමතිය හැකි උපදේශන සේවාවක් හෙට (27දා) ආරම්භ කර තිබේ. පිළිකාවක් වැළඳුනු අයෙකුට ඇති වන ශාරිරික මානසික තත්ත්වයන් මෙන්ම වෛද්‍ය උපදේශන සහ ප්‍රතිකාර පිළිබඳව ද සහාය වීම අරමුණු කර ගත් “පිළිකා සරණ උපකාරක ඇමතුම” නමින් මෙම ක්ෂණික ඇමතුම් සේවාව ඇරඹෙයි.
කථානායක කරු ජයසූරිය මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.මහරගම අපේක්ෂා රෝහල අසල අංක 45/B යන ස්ථානයේදී එම සේවාව ආරම්භ කිරීමට නියමිතය. මෙහි ක්ෂනික ඇමතුම් අංකය 011 2 363 211 වේ .