බණ්ඩාරගම වීදාගම සිරිරාජ මාවතේදි පිස්තෝල දෙකක් හා ජීව උණ්ඩ තොගයක් සමග සැකකරුවන් සිව්දෙනෙකු පානදුර නොවිසඳුනු අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (16දා) පෙරවරුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් දෙණියාය, දඹුල්ල, අනුරාධපුර හා අවිස්සාවෙල්ල ප්රදේශයේ පදිංචි කරුවන් බවද පොලීසිය කියයි.