පිල් හියුස්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ශෝකය
- 27 11 2014
- 22:46
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පිලිප් හියුස්ගේ අකල් මරණය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, විධායක කමිටුව හා කාර්යමණ්ඩලය සිය ශෝකය පළකර සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ශෝකය ඔවුන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වෙත දන්වි සිටියි.
සැකයක් නෑ ඔහුගේ පාඩුව දැනේවි - ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග
හියුස්ගේ මියයාම ක්‍රිකට් ක්‍රීඩාවට කනගාටුදායක දිනයක්. ඔහු දක්ෂ, තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සැකයක් නැහැ ඔහු නැති පාඩුව දැනේවි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හියුස්ගේ ඥාතීන්, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සිය ශෝකය පළකර සිටිනවා.
මිත්‍රශීලී ක්‍රීඩකයෙක් - ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්
හියුස් දක්ෂ, මිත්‍රශීලි ක්‍රීඩකයෙක්. ඔහුගේ පවුලේ හා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කනගාටුව පළකර සිටිනවා. ඔහු සාමාදානයෙන් සැතපේවා යැයි ප්‍රාර්ථනා කරනවා.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

