නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මාර්තු 06 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් විනිසුරු විනිසුරු එස්.ගනේෂරාජා මහතා අද (20දා) නියෝග කළේය.
දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතන සිදුවීම සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදී.
ඔහු සමග තවත් තිදෙනෙකුගේ රක්ෂිත බන්ධනාගාර ගත කාලයද දීර්ඝ කර තිබේ.
මඩකලපුව - ජවුෆර් කාන්