ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිත කරන්නන්ගේ ප්‍රමාණය මේ වනවිට පිරිමි ජනගහනයෙන් 35%ක් බවත්, බියර් මිල අඩු කිරීම හරහා මෙම ප්‍රතිශතය ඉහළ යෑම සිදුවන බවත් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බළකාය සඳහන් කරයි.
බියර් මිල අඩුකිරීම කාන්තාවන්ට හා පාසල් සිසුන්ට භාවිත කළ හැකි ප්රවාරණයක්ද විය හැකි බවද එම බළකායේ අධ්යක්ෂ වෛද්‍ය සමන්ත කිතලව ආරච්චි මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් මෙම ද්‍රව්‍යවලට බදු සහන ලබා නොදිය යුතු බවත්, සෑම විටම මත්ද්‍රව්‍ය භාවිතයෙන් ජනතාව ගලවාගත හැකි වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක විය යුතු බවද අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.