පිටරටින් බුදු පිළිම වහන්සේලා වැඩම කරවීමේදී අනුමැතිය ලබා ගැනීමට මණ්ඩලයක්
- 16 05 2018
- 09:36
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
විදේශ රටවලින් ශ්‍රී ලංකාව වෙත වැඩම කරවන ලද බුද්ධ ප්‍රතිමා අනුරූවලට බුද්ධ ශාසන අමාත්‍යංශයේ උපදේශන මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු බව බුද්ධ ශාසන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඊට අදාල උපදෙස් දිවයිනේ සෑම බෞද්ධ විහාරස්ථානයකට මෙන්ම භික්ෂුන් වහන්සේලාද දැනුවත් කර ඇතැයි බුද්ධශාසන අමාත්‍යංශය පවසයි.
ඒ සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය
මෙවර වෙසක් පොහොය දින නිමිති කරගෙන මිහින්තලා රාජමහා විහාරස්ථානයේදී සංවිධානය කළ එක්දහස් හත්සීයක් පමණ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පැවැත්වූ දානමය පිංකමට සමගාමීව තායි ලන්තයේ සිට වැඩම කරවන බුදු පිළිම වහන්සේලා 25 නමක් ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් ගරු අග්‍රාමාත්‍ය තුමන් වෙත 2018-04-05 දින කරන ලද ඉල්ලීමක් අනුව අදාල බුදු පිළිම සඳහා තීරු බදු සහන ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් 2018-04-11 දින බුද්ධ ශාසන අමාත්‍යංශය වෙත යොමු කරන ලද ලිපියට අනුව බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් 2018-04-12 දින මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියක් යොමු කරමින් බුදු පිළිම වහන්සේලා සඳහා තීරු බදු සහනය ලබා ගැනීමට බුද්ධශාසන අමාත්‍යංශයේ විරුද්ධත්වය නොමැති බව දැනුම් දී ඇත.
බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම්ගේ ලිපියට ප්‍රතිචාර දක්වමින් වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් අදාල බුදුපිළිම සඳහා තීරු බදු සහන ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව දන්වමින් 2018-04-17 දින එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් ලිපියක් බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කර තිබේ.
කරුණු එසේ වන බැවින් බුද්ධශාසන අමාත්‍යංශය විසින් විදේශ රටවලින් බුද්ධ ප්‍රතිමා, බුදු පිළිම ශ්‍රී ලංකාවට වැඩම කරවීම සම්බන්ධයෙන් පැහැදිළි මාර්ගෝපදේශ හා නිර්දේශයන් හඳුන්වාදී තිබියදීත් එම මාර්ගෝපදේශයන්ට පරිබාහිරව කටයුතු කිරීමේදී මෙවැනි ගැටලු මතු වන බව බුද්ධශාසන අමාත්‍යංශය අවධාරණ කරයි. හදිසි අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් මින් ඉදිරියට කටයුතු කිරීමේදී බෞද්ධ උපදේශන කමිටු නිර්දේශවලට අනුව කටයුතු කිරීමෙන් මෙවැනි ගැටලු මතු නොවන බව පෙන්වාදෙන බුද්ධශාසන අමාත්‍යංශය නිකායන්වල මහානායක හිමිපාණන් වහන්සේලාගේ උපදෙස් මග පෙන්වීම් අනුව කටයුතු කරන ලෙස සමස්ථ බෞද්ධ ප්‍රජාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
බුද්ධශාසන අමාත්‍යංශයේ බෞද්ධ උපදේශන කමිටුවේ නිර්දේශවලට අනුව හා අති පූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ පූර්ණ මග පෙන්වීම යටතේ තීරුබදු සහන ලබා ගත හැක්කේ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා අයත් වන නිකායන්වල පැවිදි කිරීමේ උත්සව, උපසම්පදා විනය කර්ම ඇතුලු විශේෂ පූජාවන් වෙනුවෙන් විදේශ රටවල්වලින් ගෙන්වන අටපිරිකර, සිවුරු ආදී පූජා භාණ්ඩ සඳහා පමණක් වන බැවින් බුද්ධ ප්‍රතිමා හා බුදු පිළිම වෙනුවෙන් එවැනි තීරු බදු සහන බුද්ධශාසන අමාත්‍යංශයේ නිර්දේශය මත ලබා ගැනීමට නොහැකි බව අවධාරණය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


