පිටකොටුව පොලීසියේ සිරමැදිරිය තුළ අද (11දා) සැකකරුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැඩි අවධානය යොමුකර තිබේ.
ඒ අනුව මෙම විමර්ශනය සිදුකිරීමට පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත බාරදී ඇත.
මීට අමතරව එම සිදුවීම වන අවස්ථාවේ පොලිස් ස්ථානය තුළ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් සම්බන්ධව දැඩි විනය පියවර ගන්නා ලෙසද පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.