පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කළමනාකරණ මණ්ඩලය ඉවත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
අවස්ථා ගණනකදීම කළමනාකරණ මණ්ඩලය තුළ උද්ගතව ඇති බෙදීම් හා ගැටලු තත්ත්වයන් මීට හේතු වී ඇත.
ඒ අනුව, ඉදිරියේදී අමාත්‍යවරයා විසින් නව කළමණාකරණ මණ්ඩලයක් හා එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වශයෙන් විශ්‍රාමික තරුණ හමුදා නිලධාරියෙකු පත් කෙරෙනු ඇති බවද වාර්තා වේ.
සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මෙම කළමනාකරණ මණ්ඩලය පත් කෙරෙන්නේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ කොන්ත්‍රාත් පදනම මතය.