ලාංකීය දේශපාලන සංස්කෘතියේ සාධනීය වෙනසක ලකුණු පහළ වෙමින් තිබෙන නිසා ව්‍යවස්ථාදායකයේ ප්රමුඛ කාර්ය වන නීති ප්‍රතිපත්ති සම්පාදන, මූල්‍ය පාලනය පිළිබඳව මහජන නියෝජිතයන්ට අවශ්‍ය දැනුම ලබාදෙන ලෙසට කථානායක ජයසූරිය මහතාගෙන් ලිපියක් යවමින් ඉල්ලා සිටි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මන්ත්‍රීවරුන්ගේ පැමිණීම හා සක්‍රීය සහභාගීත්වය ප්රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, පාර්ලිමේන්තුව ඵලදායී සාකච්ඡා හා සංවාද පවත්වන ස්ථානයක් බවට පත්කරන ලෙසටත් ඉල්ලීමක් කළ බව සංගමයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.